මිනුම් උපකරණ - Measuring instruments

 

කුඩා මිනුම - Small Measure

භෞතික විද්‍යාව බොහෝවිට මිනුම් හා සම්බන්ධ වේ. මිනුම් ගැනීම සඳහා මිනුම් උපකරණ භාවිතා වෙයි මිනුම් උපකරණයකට පරිමාණයක් ඇත පරිමාණය කියවා ගත හැකි කුඩාම මිනුම / අවම මිනුමක් ඇත එම කුඩාම මිනුම ට වඩා වැඩි නිරවද්‍යතාවයකින් මිනුම් ගත නොහැක.

උදා :- 
  1. මීටර් කෝදුවේ කුඩාම මිනුම 1mm = 0.1cm වේ. එම නිසා මීටර් කෝදුවකින් 17.3cm, 17.4cm වැනි දිගවල් මැනිය හැක. එහෙත් 17.32cm, 17.89cm, 17.3589cm වැනි මිනුම් ගත නොහැකිය.
  2. කුඩාම මිනුම 0.5s වන විරාම ඝටිකාවක් භාවිතයෙන් 17.5s, 52s වැනි කාලයන් මැනිය හැක. ඒත් 17.54s, 17.3s වැනි කාලයක් මැනිය නොහැක.

උපකරණයකින් ගන්නා ලද මිනුමක් ලිවීමේදී එම උපකරණයේ කුඩාම මිනුම නිරූපණය වන පරිදි ලිවිය යුතුය.

උදා :-  මීටර් කෝදුවකින් මනින ලද දිගක් 
  • 25cm 3mm නම් 25.03cm වේ.
  • 25cm 0mm නම් 25cm වේ.

මිනුමක දෝෂය - Measurement error


උපකරණයකින් ගන්නා මිනුමක යම් අවිනිශ්චිතතාවයක් ඇත. එනම් යම් දෝෂ පවතින උපකරණයකින් සිදුවිය හැකි උපරිම දෝෂය එම උපකරණයේ කුඩාම මිනුම ට සමාන යැයි සලකනු ලැබේ.

උදා :- මීටර් කෝදුවකින් මනින ලද දිගක තිබිය හැකි උපරිම දෝෂය 1mm = 0.1cm වේ.

මීටර් කෝදුවකින් 250mm දිගක් මනින විටත් 5mm දිගක් මනින විටත් සිදුවිය හැකි උපරිම දෝෂය 1mm වේ. එහෙත් එම 1mm දෝෂයේ බලපෑම දෙවන මිනුමේදී වැඩි වන බව හැඟේ. මේ අදහසින් භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය පහත පරිදි අර්ථ දක්වා ඇත.




ගන්නා මිනුම විශාල වන තරමට භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය කුඩා වේ. යම් මිනුමක ප්‍රතිශත දෝෂය 1% නොවැඩි නම් එම මිනුම නිරවද්‍ය යැයි සලකනු ලැබේ. 

විද්‍යාගාරයේ දී 10cm ට අඩු දිගවල් වැඩි නිරවද්‍යතාවයකින් මැනීමට පහත සඳහන් උපකරණ භාවිත වේ.
  • වර්නියර් කැලිපරය
  • මයික්‍රෝ මීටර් ස්කුරුප්පු ආමානය
  • ගෝලමානය
  • චල අන්වීක්ෂය

වර්නියර් කැලිපරය සහ චල අන්වීක්ෂය වර්නිය මූලධර්මයට අනුව ද ස්කුරුප්පු ආමානය සහ කෝණමානය ඉස්කුරුප්පු මූලධර්මයට අනුව ද ක්‍රියා කරයි.

 

වර්නිය මූලධර්මය - Vernier principle

වර්නිය මූලධර්මය භාවිතා වන උපකරණ වල ප්‍රධාන පරිමාණය සහ වර්නිය පරිමාණය නම් පාරිමාණ දෙකක් ඇත. 

විද්‍යාගාරයේ දී බහුලව භාවිතා වන වර්නියර් කැලිපරයේ M ,  1mm කොටස් වලින් ක්‍රමාංකනය කර ඇත. එවැනි කොටස් 9න් සමාන කොටස් දහයට බෙදීමෙන් V සාදා ඇත. එම නිසා එක් V කොටසක දිග 1mm * (9/10) වේ. එනම් M කොටසකට වඩා V කොටසක් 1mm - 0.9mm = 0.1mm කෙටිය.


විශේෂ වනියර් පරිමාණ - Special vernier scale

1. දීර්ඝ කළ වනියර් පරිමාණය :- 
     ඇතැම් වනියර් මූලධර්මය භාවිතා වන උපකරණවල M කොටසක දිගට වඩා V කොටසක දිග             වැඩිවේ. ඒවා දීර්ඝකළ වනියර් පරිමාණ නම් වේ.

2. වෘත්තාකාර වනියර් පරිමාණය :- 
      වර්ණවලිමානය, තියොඩලයිට් වැනි උපකරණ වල අංශක 1 වඩා වැඩි නිරවද්යතාවයකින්                  කෝණ මැනීමට මෙම පරිමාණය භාවිතා වෙයි.

එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ නොතේරෙන දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments