මිනුම - Measurement

භෞතික රාශි

භෞතික විද්‍යාව මූලික නියම හා වාද කිහිපයක් සහ පරීක්ෂණාත්මක ප්‍රතිඵල මත ගොඩනැගුණු විෂය ක්ෂේත්‍රයකි. එම නියම සහ වාදය ඉදිරිපත් කිරීමේදී විවිධ පද්ධති වල අඩංගු විවිධ ගුණාංග යොදා ගැනීම සිදුවේ. ඒවා භෞතික රාශි නම් වෙයි. භෞතික රාශියක් ප්‍රමාණාත්මකව මැනිය හැක. එහි විශාලත්වයන් සමග බොහෝවිට ඒකකයක් සඳහන් කෙරේ. 

උදා:-  සිරිල්ගේ ස්කන්ධය 75kg කි.

  • භෞතික රාශිය  -  ස්කන්ධය
  • විශාලත්වය       -  75
  • ඒකකය            -  කිලෝ ග්රෑම් 
උදා:-  වාරියපොල සිට කුරුණෑගලට දුර කිලෝමීටර් 20 කි.

  • භෞතික රාශිය  -  දුර 
  • විශාලත්වය       -  20
  • ඒකකය            -  කිලෝමීටර්
උදා:-  නිවසේ සිට පාසලට යාමට ගතවන කාලය මිනිත්තු 45 කි.
  • භෞතික රාශිය  -  කාලය 
  • විශාලත්වය       -  45
  • ඒකකය            -  මිනිත්තු 

විවිධ රටවල නොයෙකුත් වකවානුවලට එකිනෙකට වෙනස් ඒකක පද්ධති භාවිතා කර ඇත.

උදා:-  බ්‍රිතාන්‍යය ඒකක ක්‍රමය (FPS)
  • දුර             - අඩි (F)
  • ස්කන්ධය  -  රාත්තල් (P)
  • කාලය       -  තත්පර (S) 

උදා:-  CGS ඒකක ක්‍රමය 
  • දුර             -  (C )
  • ස්කන්ධය  -  (G)
  • කාලය       -  (S) 

වෙනස් ඒකක පද්ධති භාවිත කිරීම නිසා රටවල් අතර වෙළඳාම කටයුතුවලදී හා දැනුම හුවමාරු කරගැනීමේදී විවිධ දුෂ්කරතා මතු වුණි. ඒවා මග හරවා ගැනීමට සෑම රටක් විසින් ම භාවිතා කළ යුතු එකම ඒකක පද්ධතියක් 1960 දී ජිනීවා හිදී පැවති සම්මේලනයක දී සම්මත කර ගන්නා ලදී එය අන්තර්ජාතික එක ක්‍රමයයි. එය SI ක්‍රමය නම් වේ. 

අන්තර්ජාතික ඒක ක්‍රමයට අනුව භෞතික රාශි මූලික, පරිපූරක, ව්‍යුත්පන්න වශයෙන් කාණ්ඩ තුනකට වර්ග කර ඇත. 

මූලික භෞතික රාශි හතකි. ඒවා අනිකුත් රාශි ඇසුරෙන් ප්‍රකාශ කළ නොහැකි ය. එහෙත් අනෙක් රාශි ප්‍රකාශ කිරීමේදී මූලික භෞතික රාශි භාවිතා කෙරේ. ඒවායේ ඒකක මූල ඒකක නම් වේ.


අනෙක් භෞතික රාශීන් අර්ථදැක්වීමට යාමයේ දී මූලික භෞතික රාශි වලට අමතරව තවත් භෞතික රාශි දෙකක් යොදා ගැනීමට සිදුවේ ඒවා පරිපූරක භෞතික රාශි නම් වේ.


මූලික හා පරිපූරක හැර ඉතිරි භෞතික රාශි ව්‍යුත්පන්න භෞතික රාශි වෙයි. ඒවා මූලික සහ පරිපූරක රාශි ඇසුරෙන් අර්ථ දැක්විය හැකිය.
  1. ක්ෂේත්‍රඵලය  =   දිග * පලළ 
  2. පරිමාව  =   දිග * පළල * උස 
  3. වේගය  =   දුර / කාලය 
  4. ඝනත්වය   =   ස්කන්ධය / පරිමාව 

භෞතික රාශි වල මිනුම් ඉතා කුඩා අගයන්ගේ සිට ඉතා විශාල අගයක් දක්වා විශාල පරාසයක පිහිටා ඇත.

දුර :- 
  1. ප්රෝටෝනයක විෂ්කම්භය  =  10^-15 m 
  2. නිරීක්ෂිත විශ්වයේ කෙළවරට දුර   =   10^27 m 
ස්කන්ධය :- 
  1. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය   =   10^-31 kg 
  2. මන්දාකිණියේ ස්කන්ධය   =    10^41 kg 

මෙවැනි අගයන් ලිවීම සහ ප්‍රකාශ කිරීමට යාමේදී සිදුවන අපහසුතාව මඟහරවා ගැනීමට උපසර්ග පද්ධතියක් හදුන්වා දී ඇත.


ඒකකයට උපසර්ගයක් යෙදීමේදී එය ඒකකයට ඉදිරියෙන් හිඩැසක් නොතබා තැබිය යුතුය.

උදා:-   Cm,  mA,  MΩ,  ns

කිසිවිටෙකත් එකවර උපසර්ග දෙකක් යෙදෙන්නේ නැත.

උදා:-  10^6 Ω ,   1 mΩ  ලෙස මිස 1 kkΩ  ලෙස නොලියයි.

එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ නොතේරෙන දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments