මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය - Micrometer screw gauge



-- මයික්‍රෝ මීටර් ස්කුරුප්පු ආමානයේ කොටස් --




            1. anvil  -  කිණිහිරය                            4. Rotating Scale -  වට / වෘත්තාකාර පරිමාණය
            2. spindle  -  ඉද්ද                                5. Thimble  -  දිදාලය 
            3. Sleeve  -  විල්ල                               6. Ratchet  -  දිදාල හිස 

විල්ල්ලෙහි ප්‍රධාන පරිමාණය (main scale) ඇත.

  • සියුම්ව පොට කපන ලද කඳ කොටස විල්ල නම් වේ.
  • දීදාලා හිසෙන් අල්ලා කරකන විට දිදාලයද ඉද්ද කැරකෙමින් රේඛීයව ගමන් කරයි. 
  • දිදාල හිස කරකවන දිශාව අනුව ඉද්ද කිණිහිරය දෙසට හෝ ඉන් ඉවතට ගමන් කරයි.

මයික්‍රෝ මීටර් ස්කුරුප්පු ආමානයක පරිමාණ දෙකක් ඇත.

           1. ප්‍රධාන පරිමාණය (main scale)  :-
                 මෙය ලකුණු කර ඇත්තේ විල්ල මතය. බොහෝ විට 0.5mm කොටස් වලින් 2.5cm                            දක්වා ක්‍රමාංකනය කර ඇත.

           2. වට / වෘත්තාකාර පරිමාණය (Rotating Scale)  :- 
                 මෙය ලකුණු කර ඇත්තේ දිදාලය මතය. බොහෝ විට මෙය සමාන කොටස් 50 කින්                                               යුක්තය.

අන්තරාලය සහ කුඩාම මිනුම 

දිදාල හිස්  එක් සම්පූර්ණ වටයක් කැරකුණු විට රේඛීයව ගමන් කරන දුර අන්තරාලය නම් වේ. බොහෝ විට මෙය 0.5mm වේ. වට පරිමාණයේ එක් බෙදුමක් කැරකු විට ගමන් කරන්නේ  0.5 / 50  =  0.01mm ය. මෙය උපකරණයේ කුඩාම මිනුම වේ. 

පොදු වශයෙන් ස්කුරුප්පු මුලධර්මයට අනුව ක්‍රියාකරන උපකරණවල, 
කුඩා මිනුම  =  අන්තරාලය / වට පරිමාණයේ කොටස් ගණන  

සැම විටම කරකැවිම් දිදාල හිසෙන් අල්ලා කළ යුතු වේ. එවිට වස්තුව ඉද්ද හා කිණිහිරය අතර යම් තරමක් සිරවූ විගස දිදාල හිස කඩින් කඩ ශබ්දයක් නිකුත් කරමින් නිදැල්ලේ කැරකේ. එම නිසා වස්තුව අනවශ්‍ය තෙරපීමකට ලක් නොවේ.

සිහින් කම්බි වල විශ්කම්භය මැනීමටද ඉස්කුරුප්පු ආමානය සුදුසුය. එහිදී කම්බියේ ස්ථාන තුනක ලම්බ දිශා දෙකේ විෂ්කම්භය මැන සාමාන්‍ය ගැනීමෙන් විෂ්කම්භයට වඩාත් නිවැරදි අගයක් ලබාගත හැකිය.

මූලාංග දෝෂය

ඇතැම් ඉස්කුරුප්පු ආමානවල ඉද්ද, කිණිහිරය හා ස්පර්ශ කල විට වට පරිමාණයේ 0 රේඛීය පරිමාණය හා සමපාත නොවේ. එවිට උපකරණයේ මූලාංග දෝෂයක් යැයි කියනු ලැබේ. මූලාංග දෝෂය අකර දෙකකි. 

1. වට පරිමාණයේ 0 රේඛීය පරිමාණයට පහලින් පිහිටා තිබීම.

මූලාංග දෝෂය  =  කුඩාම මිනුම  ×  සමපාත රේඛාව

මෙම ආකාරයේ මූලාංග දෝෂයක් ඇති උපකරණයකින් මිනුමක් ගත විට ලැබෙන අවසන් පාඨාංකයෙන් මූලාංග දෝෂය අඩු කල යුතුයි.

2. වට පරිමාණයේ 0 රේඛීය පරිමාණයට වඩා ඉහළින් නතර වී තිබීම.

මූලාංග දෝෂය  =  කුඩාම මිනුම × (වට පරිමාණයේ කොටස් ගණන - සමපාත රේඛාව)

මෙම ආකාරයේ මූලාංග දෝෂයක් ඇති උපකරණයකින් මිනුමක් ගත විට ලැබෙන අවසන් පාඨාංකයට මූලාංග දෝෂය එකතු කල යුතුයි.

එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ නොතේරෙන දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments