ගෝලමානය - Spherometer



ගෝලමානය ක්‍රියා කරන්නේද ඉස්කුරුප්පු මූලධර්මයට අනුවය. මෙහි ක්‍රියාකාරිත්වය බොහෝ දුරට ඉස්කුරුප්පු ආමානයට සමාන වේ.

ගෝලමානයේ කොටස් 



               A, B, C  =  පාද                                           P  =  සිරස්/රේඛීය පරිමාණය
             O  =  විල්ල                                                D  =  වට/වෘත්තාකාර පරිමාණය  

ගෝලමානයෙහි ඉස්කුරුප්පු හිස කරකවන විට කරකන දිශාව අනුව විල්ල තුළින් ඉස්කුරුප්පු ඇණය කැරකෙමින් රේඛීයව ඉහලට හෝ පහලට ගමන් කරයි.

ගෝලමානයහි පරිමාණ දෙකකි. 
         1. සිරස්/රේඛීය පරිමාණය :-   මෙය 0 සිට ඉහළටත් පහළටත් 0.5mm කොටස්වලින් 10mm                            දක්වා ක්‍රමාංකනය කර ඇත.

         2. වට/වෘත්තාකාර පරිමාණය :-    මෙය සාමාන්‍ය කොටස් පනහකට බෙදා ඇත. 

පාදවල තුඩවල් සහ ඉස්කුරුප්පු තුඩ එකම මට්ටමේ ඇති විට පරිමාණ දෙකේ 0 සලකුණු එකම ස්ථානයේ තිබිය යුතුය.

ගෝලමානයේ යෙදීම්

පටු වීදුරු පටියක ඝණකම සෙවීම.

1. ගෝලමානය තිරස් වීදුරු තහඩුවක් මත තබා ඉස්කුරුප්පු තුඩ වීදුරුවෙන් පෙනෙන එහි ප්‍රතිබිම්බ තුඩ සමග ස්පර්ශ වී පෙනෙන තෙක් ඉස්කුරුප්පු තුඩ පහත් කරන්න.

2. ආරම්භක පාඨාංකය කියවා ගන්න.

3. ඉස්කුරුප්පු ඇණය ඉහලට ඔසවා ඉස්කුරුප්පු තුඩට පහලින් පාද අතරින් වීදුරු පටිය ඇතුල් කරන්න.

4. වීදුරු පටියෙ මුදුන හා යන්තම් ස්පර්ශ වන තෙක් ඉස්කුරුප්පු තුඩ පහත් කරන්න.

5. අවසන් පාඨාංකය කියවා ගන්න.

6. අවසන් පාඨාංකය පිහිටියේ සිරස් පරිමාණයේ,
  • 0 ට ඉහළින් නම් 
ඝනකම  =  අවසන් පාඨාංකය  -  ආරම්භක පාඨාංකය
  • 0 ට පහලින් නම්
ඝනකම  =  අවසන් පාඨාංකය  +  ආරම්භක පාඨාංකය

නොගැඹුරු සිදුරක ගැඹුර මැනීම.

1. ගෝලමානය තිරස් වීදුරු තහඩුවක් මත තබා ඉස්කුරුප්පු තුඩ වීදුරුව තුළින් පෙනෙන එහි ප්‍රතිබිම්බ තුඩ සමග ස්පර්ශ වන තෙක් ඉස්කුරුප්පු ඇණය පහත් කරන්න.

2. ආරම්භක පාඨාංකය කියවා ගන්න.

3. ගැඹුර මැනිය යුතු සිදුර ඇති තහඩුව මත ගෝලමානය තබා ඉස්කුරුප්පු තුඩ සිදුර පතුල හා ස්පර්ශ වන තෙක් පහත් කරන්න.

4. අවසන් පාඨාංකය කියවා ගන්න.

5. ආරම්භක පාඨාංකය පිහිටියේ සිරස් පරිමාණයේ,
  • 0 ට පහලින් නම්
ගැඹුර  =  අවසන් පාඨාංකය  -  ආරම්භක පාඨාංකය
  • 0 ට ඉහළින් නම්
ගැඹුර  =   අවසන් පාඨාංකය  +  ආරම්භක පාඨාංකය

ගෝලීය පෘෂ්ටයක වක්‍රතාඅරය සෙවීම.

* උත්තල දර්පණයක, විශාල ගෝලීය පෘෂ්ටයක වක්‍රතා අරය මැන ගැනීමට ගෝලමානය යොදා ගත හැක.

1. ගෝලමානය තිරස් වීදුරු තහඩුවක් මත තබා ඉස්කුරුප්පු තුඩ එහි ප්‍රතිබිම්බ තුඩ සමග යන්තම් ස්පර්ශ වන තෙක් පහත් කරන්න.

2. ආරම්භක පාඨාංකය කියවා ගන්න.

3. ඉස්කුරුප්පු ඇණය ඉහළට ඔසවා උත්තල දර්පණය මත ගෝලමානය තබා ඉස්කුරුප්පු තුඩ දර්පණය මුදුනෙහි යන්තම් ස්පර්ශ වන තෙක් ඉස්කුරුප්පු තුඩ පහත් කරන්න.

4. අවසන් පාඨාංකය කියවා ගන්න.
5. අවසන් සහ ආරම්භක පාඨාංක දෙකෙන් h සොයාගන්න

අන්තරාලය හා කුඩා මිනුම

ඉස්කුරුප්පු හිස සම්පූර්ණ වටයක් කරකැවූ විට ඉස්කුරුප්පු තුඩ රේඛීයව ගමන් කරන දුර අන්තරාලයයි. ගෝලමානයේ එය 0.5mm ය. එම නිසා වට පරිමාණයේ එක් බෙදුමක් භ්‍රමණය කළ විට ඉස්කුරුප්පු තුඩ 05mm/50 = 0.01mm ගමන් කරයි. මෙය ගෝලමානයේ කුඩා මිනුමයි. 

කුඩා මිනුම  =  අන්තරාලය / වට පරිමාණයේ කොටස් ගණන

එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ නොතේරෙන දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments